Monday, December 19, 2011

නාඳුනන ඇස්...

එක වචනයක් වත් මුවින් පිට කරන්නෙ නැතුව ඇස්වලට කතා කරන්න පුළුවන් කියලා ගොඩක් අය දන්නවනෙ. කොච්චර කලබලකාරී තැනක, දහස් ගණනක් දෙනා අතරෙ වුනත් ඇස් හතරක් හමු වෙලා කතා කරන්න පටන් ගත්තොත්...

නාඳුනන ඒ ඇස් දෙකක් මොන තරම් නම් දේවල් කියනවද? ආයෙත් කවදාවත් හමු නොවෙන බව දැන දැනත් හුදු හිතවත්කමක් ඉක්මවා ගිය ඒත් අමුතුම විදියක බැඳීමක් ගොඩනගා ගන්න ඇස්වලට පුළුවන්. ඒ අතින් බලන කොට ඇස් කොච්චර හිතුවක්කාරද? ඇස් අහන්නෙ හදවත කියන දේ මිසක් බුද්ධිය කියන දේ නෙමෙයි.


නන්නාඳුනන්නි දන්නවා කාගෙ කවුද කියලවත් දන්නෙ නැති ඒ ඇස් ආයෙත් කවදාවත් මුණගැහෙන්නෙ නෑ කියලා. ඒ ඇස් ඈතට ම යන්න ගිහිල්ලා. එකම එක හීනයක් ඉතුරු කරලා. එකම එක බලාපොරොත්තුවක් ඉතුරු කරලා. කවදාහරි දවසක ආයෙත් මුණ ගැහෙන හීනය... කවදහරි දවසක ආයෙත් මුණගැහෙන බලාපොරොත්තුව ඇස් විසින් හදවතේ ඇති කරලා හදවතේ හිස් තැන් වහලා දාලා.

ඒ ඇස් ආයෙත් මුණගැහෙන කල් නන්නාඳුනන්නී බලා ඉන්නවා.

6 comments:

නරකයා... said...

මට හම්බුනු ඇස් දෙකනං දැන් ළගමයි...

නන්නාඳුනන්නී said...

@නරකයා වාසනාවන්!!

Anonymous said...

වැඩිකල් නොගිහින් ම ඒ අස් දෙක මුණගැහෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....

නන්නාඳුනන්නී said...

@මහි අනේ මන්දා........

The තරුවා said...

පිපුණු මලක හැඩ දෑස සලා...
සිතුම් විහග කැල වසග කළා...
මගතොට රැදි නෙත් දහක් වසා...
මතකද අප නෙත් කතා කලා.....

ප්‍රාර්ථනා කරනවා ඉක්මනින්ම හමුවෙන්න ඒ ඇස්දෙක.

නන්නාඳුනන්නී said...

අනේ එහෙම වෙනව නං....... ඒත්.....

Post a Comment

Powered by Blogger.

වැඩියෙන් ම කියවපු ඒවා

Followers