දැන් නිදහස්. හිතට වද දිදී තිබුණු රිලේෂන්ෂිප් එකකින් නන්නාඳුනන්නි නිදහස්. මෙතැනදි සම්බන්ධතාව කියන බරසාර සිංහල වචනෙ වෙනුවට රිලේෂන්ෂිප් කියන ඉතාම සරල ඉංග්‍රීසි වචනෙ යෙදුවෙ වචනවල මතුපිටින් කියවෙන දේට වඩා යටින් කියවෙන ව්‍යංග්‍යාර්ථයක් තියෙනවා කියලා නන්නාඳුනන්නි විශ්වාස කරන නිසා.
රිලේෂන්ෂිප් කියන ඉංග්‍රීසි වචනෙයි ඒ වචනෙ සමග බැඳුණු සංස්කෘතික වටපිටාවයි වගේ ම නන්නාඳුනන්නිගේ 'මේ කියන' රිලේෂන්ෂිප් එකත් හරිම සරල එකක් විදියටයි නන්නාඳුනන්නි දකින්නෙ. පිට ඉඳන් බලා ඉන්න කෙනෙකුට මේ මොනවා කියනවද කියලා හිතෙන්නත් පුළුවන්. ඒත් ඒ ගැන නන්නාඳුනන්නිට ගානක් නෑ. ඒ එයා රැඩිකල් චරිතයක් නිසා නං නෙමෙයි. සමහර විට නන්නාඳුනන්නි කිසි දෙයක් ගණන් ගන්නෙ නැතුව ඔහේ පාවි පාවි වෙන දේ බලා ඉන්න කෙනෙක් නිසා වෙන්න ඇති.
ඔව්.. ඉතිං.. ඒ රිලේෂන්ෂිප් එක ඉවරයි. නන්නාඳුනන්නි හිතුවෙ මේ වෙහෙසකර රිලේෂන්ෂිප් එකෙන් මිදුණ ම හිතට සැහැල්ලුවක් නිදහසක් දැනෙයි කියලා. ඒත්......... එහෙම නෑ. හිතට සැහැල්ලුවක් නෑ. හිතට තවත් බරක් එකතු වුණා විතරයි. අනික් පාර්ශ්වය ගැන නන්නාඳුනන්නිගෙ හිතේ කිසිම තැකීමක් නැත්නම් ඇයි හිතේ වරදකාරී හැඟීමක් තියෙන්නෙ?
skip to main |
skip to sidebar





2 comments:
පියඹා යනවා මා ආකාශයේ...
අවසානයි ප්‍රේමාදරේ...
ගිරවෝ කොවුලෝ...
මිදුනා මා ආදරෙන්....
හරියටම හරි. අහස කොච්චර විසාලද කියලා හිතෙන්නෙ කූඩුවෙන් එළියට ආවට පස්සෙ
Post a Comment