Wednesday, November 30, 2011

නන්නාඳුනන්නියකගේ උපත

නන්නාඳුනන්නී නන්නාඳුනන කෙනෙක් වගේ මේ විදියට ජීවිතේ දිග අරින්න පටන් ගන්නෙ ඇයි කියලා ඇයටවත් තේරුම් ගන්න බෑ. නූල කැඩුණු සරුංගලයක් වගේ ඔහේ පාවෙන හිතට මොකක් හරි තැනක නැවතුමක් ඕනෙ කියලා ඇයට හිතුණද දන්නෙ නෑ. ඈ බ්ලොග් ලෝකයට අලුත්. බ්ලොග් එකක් කියන්නෙ මොකක්ද කියලවත් හරියට දන්නෙ නෑ. ඒ නිසාම ඈ ලියන දේවල්වල ලියන විදියෙ අනන්තවත් වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒත් ලිවීම විනෝදාංශයක් විදියට යි හිත ඇතුළෙ හිර වෙලා තියෙන කඳුලු බිංදු වගේම හිනා පොකුරු එළියට දාන්න පුළුවන් විදියක් විදියටයි විතරක් දකින නිසා නන්නාඳුනන්නී නං හිතන්නෙ තමන් ලියන කියන දේවල්වල අඩුපාඩු තිබුණට කමක් නෑ කියලයි. 

ඉතිං ඕක තමයි නන්නාඳුනන්නීගේ උපත ගැන කතාව. විපත ගැනත් සමහර විට ඈ නැතත් වෙන කෙනෙක් ලියාවි. අපි බලා ඉමු මොකද වෙන්නෙ කියලා....................

4 comments:

නන්ඳු said...

ආයුබෝවන් නන්නාඳුනන්නී..ඕන් පළවෙනි කමෙන් එකත් නාදුනන්නියකගෙන්.. :)

මේ බ්ලොග් එක සින්ඩිවලට එක් කරන්න, ඉන් ඔබේ නිර්මාණ වැඩි පිරිසක් අතරට ගෙනියන්න පුළුවන්. සින්ඩි කිහිපයක්:

අඹ ගහ යට http://ambagaha.blogspot.com/

හත්මාළුව http://hathmaluwa.org/

ලාංකීය සිතුවිලි http://syndi.lankeeya.lk/

නව බ්ලොග් හඳුන්වා දෙන්න සැකසූ තැනක්... http://buwa-blogpromo.blogspot.com/

සිංහල බ්ලොග් කියවනය http://blogs.sinhalabloggers.com/

මේ ගෘප් එකටත් ඔයාගෙ බ්ලොග් එක ගැන දාන්න..
-බ්ලොග් අවකාශයේ මිතුරෝ..
https://www.facebook.com/groups/192579577425984/

කමෙන්ට් කරන්න ගොඩක් ලේසිවෙයි word verification අයින් කලොත්.. ඒක කරන්නෙ.. dash board --->settings-->comments-->show word verification --> No කරන්න.


බ්ලොග් අවකාශයේ... දිගු ගමනකට සුබ පැතුම්..!!! :)

නන්නාඳුනන්නී said...

බොහෝම ස්තූතියි නන්දු. ඔයාගෙ වචන තව අඩියක් හරි ඉස්සරහට තියන්න මාව දිරිමත් කළා. ස්තූතියි. වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන විදිය කියලා දුන්නටත් තුති.!!

The තරුවා said...

අන්තිමට තමයි ඔයාගෙ පලවෙනි පෝස්ටුව කියවන්නෙ...ඔන්න ඔක්කොම කියෙව්වා..සාදරයෙන් පිලිගන්නවා...
ගොඩක් ලස්සනයි අදහස්....තව ලියන්න...නන්දු කියල තියන ටික කරන්න...බ්ලොග් කියවන්න බලාගෙන ගොඩක් අය ඉන්නවා..

නන්නාඳුනන්නී said...

බොහෝම ස්තූතියි තරූ. ඔයාගෙ වචන තව එක අකුරක් හරි ලියන්න මාව උනන්දු කරවනවාග

Post a Comment

Powered by Blogger.

වැඩියෙන් ම කියවපු ඒවා

Followers