ඔන්න බබෝ ඇතින්නියා
ගලින් ගලට පනින්නියා
තවත් ගලක් අලුත් හෙටක්
ඇතිනි හිතේ මැවෙන්නියා
ඔන්න බබෝ ඇතින්නියා
පය පැකිලී වැටෙන්නියා
දූලි කඳුලු පිහදමාන
ඈ ආයෙත් නැගෙන්නියා
අලුත් හීන පොදි බැඳගෙන
තව ගලකට පනින්නියා
ඇතින්නියාට එක ගලක් උඩ කාලයක් ඉන්නකොට එපාවෙනවා. ඇතින්නියා වෙනසක් දකින්න ආසයි. ඉතිං පනිනවා ගලින් ගලට. මෙහෙම පනින කොට වැටිලා ඇතින්නියට තුවාලත් වෙනවා. ඒත් ඇතින්නියාට ඒකෙ වගක්වත් නෑ...........
skip to main |
skip to sidebar





2 comments:
අපි ගොඩදෙනෙක් ඔය ඇතින්නි වගේ තමයි...
:)
Post a Comment