Thursday, December 1, 2011

ඉතිං අපි වෙන් ව යමු.........

නන්නාඳුනන්නි පටන් ගත්ත ගමන් ම වෙන්වෙලා යන්න හදනවද? නෑ නෑ මේ හිතට ආවට කුරුටු ගාපු දෙයක් විතරයි. නාන්නාඳුනන්නිට හිතෙන විදියට ‍අපි ගොඩනගා ගන්නා බැඳීම් එකක් වත් දිගට පවතින ඒවා නෙවෙයි. සමහර වෙලාවට අපි විසින් ම ඇති කර ගත්ත බැඳීම් ලිහලා දාන්න අපිට ඕනෑ වෙනවා. ඒත් ගොඩක් වෙලාවට ඒකට බලපෑම් කරන්නෙ අපි ජීවත්වෙන සමාජය. සමාජයට බයේ බැඳීම්වලින් මිදිලා ඉගිලිලා යන්න බැරි කී දෙනෙක් ඉන්නවද? තවත් සමහර වෙලාවට අපේ ම හෘද සාක්ෂිය, ඕක කරන්න එපා ඕක වැරදියි අනික් පාර්ශ්වයට මොනවා හිතෙයිද කියලා අපිට වද දෙනවා. අපි අකමැති බැඳීම්වලින් ලිහිලා ඉගිලිලා යන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා නන්නාඳුනන්නිට හිතෙනවා. එහෙම පුළුවන් නම් හිතේ කිසිම දුකක් නැතුව හැම දේකින් ම මිදිලා නිදහසේ යන්න හැකි වේවි.............

 ජීවිතේ මාවතේ
තවත් එක මංසලක්
මග හසර දකින්නට
හදවතට නෑ ඉඩක්
හිත බරයි ඇස් හඬයි
යා යුතුයි තව දුරක්
මෙතෙක් කල් ආ ඔබට
දෙන්න නෑ මට දෙයක්
වෙලී පැටලුනු දෑත්
ලිහී විසිරී යතත්
ඉතිං අපි වෙන්ව යමු
හිතේ නැතුව ම දුකක්




2 comments:

The තරුවා said...

පටන් ගත්ත ගමන් මොකට වෙන්ව යනවද...මේ පටන් ගත්ත විතරනේ..
ලස්සනයි අදහස...

නන්නාඳුනන්නී said...

මාව දිරිමත් කළාට ස්තූතියි සහෝදරිය

Post a Comment

Powered by Blogger.

වැඩියෙන් ම කියවපු ඒවා

Followers