නන්නාඳුනන්නී නන්නාඳුනන කෙනෙක් වගේ මේ විදියට ජීවිතේ දිග අරින්න පටන් ගන්නෙ ඇයි කියලා ඇයටවත් තේරුම් ගන්න බෑ. නූල කැඩුණු සරුංගලයක් වගේ ඔහේ පාවෙන හිතට මොකක් හරි තැනක නැවතුමක් ඕනෙ කියලා ඇයට හිතුණද දන්නෙ නෑ. ඈ බ්ලොග් ලෝකයට අලුත්. බ්ලොග් එකක් කියන්නෙ මොකක්ද කියලවත් හරියට දන්නෙ නෑ. ඒ නිසාම ඈ ලියන දේවල්වල ලියන විදියෙ අනන්තවත් වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒත් ලිවීම විනෝදාංශයක් විදියට යි හිත ඇතුළෙ හිර වෙලා තියෙන කඳුලු බිංදු වගේම හිනා පොකුරු එළියට දාන්න පුළුවන් විදියක් විදියටයි විතරක් දකින නිසා නන්නාඳුනන්නී නං හිතන්නෙ තමන් ලියන කියන දේවල්වල අඩුපාඩු තිබුණට කමක් නෑ කියලයි.
skip to main |
skip to sidebar
ඉතිං ඕක තමයි නන්නාඳුනන්නීගේ උපත ගැන කතාව. විපත ගැනත් සමහර විට ඈ නැතත් වෙන කෙනෙක් ලියාවි. අපි බලා ඉමු මොකද වෙන්නෙ කියලා....................
Wednesday, November 30, 2011
නන්නාඳුනන්නියකගේ උපත
Powered by Blogger.




