skip to main |
skip to sidebar
ජීවිතේ හැම දෙයක්ම බලාපොරොත්තු. අපි මොනවා හරි දෙයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. එක්කො අපිට ඒක ලැබෙනවා නැත්නම් කවදාවත් ලැබෙන්නෙ නෑ. නන්නාඳුනන්නිට හිතෙන විදියට බලාපොරොත්තු මත තමයි අපේ ජීවිතවල හැම දෙයක් ම රැඳිලා තියෙන්නෙ. සමහර බලාපොරොත්තු කවදාවත් ඉටු වෙන්නෙ නෑ. ඒවාට අපිට හීන කියලත් කියන්න පුළුවන්. හීන ඉටු නොවී තියෙන තාක් කල් ඒවා බලාපොරොත්තු විදියට තියෙන නිසා නන්නාඳුනන්නිට දැනෙන විදියට ඒවා වඩාත් ලස්සනයි. හිතන්න...හිතේ මොකක් හරි බලාපොරොත්තුවක් තියෙනවා, එතකොට කෙනෙකුට ඒක වටේ හීන වියලා ගොතලා හීන මාලිගාවක් හදන්න පුළුවන්. ජීවිතේ අපි දකින ගොඩක් දේවල්වලට වඩා මේ හීන මාලිගාව ලස්සනයි. ඇතුළට යන්න යන්න සුන්දරයි. ඇතුළට ගිහිල්ලා වට පිට බලන්න බලන්න තව තව දුර යන්න හිතෙනවා. (මේ හීන මාලිගා කඩා වැටුණොත් ඒක වෙන ම දෙයක්. සමහර විට ඒකෙ සුන්බුන්වලට යටවෙලා නැත්තටම නැති වෙලා යන්නත් ඉඩ තියෙනවා. ඒ විදියට කඩා වැටෙන මාලිගා ගැන නන්නාඳුනන්නි කතා කරන්නෙ නෑ.) නන්නාඳුනන්නී වගේ හීන ලෝකෙක ජීවත් වෙන්න අකමැති කෙනෙකුට නං මේ මොන විකාරයක් කියනවද කියලා හිතෙන්න පුළුවන්. ඒත් හීන ලෝකවල ජීවත් වෙන, ජීවත් වෙලා තියෙන කෙනෙකුට නං මේ හීන ලෝකවල සුන්දරත්වය හොඳට තේරුම් ගන්න පුළුවන් වේවි. මොකක් හරි බලාපොරොත්තුවක් හීනයක් විදියට තියෙන තාක් කල් ඒක හරිම සිත් ගන්නා සුළුයි. ඒ නිසා ම නන්නාඳුනන්නිට හිතෙනවා සමහර බලාපොරොත්තු හීන විදියටම තියෙනවා නං හොඳයි කියලා. (මේක මිදි ඇඹූලයි කියපු කතාව වගේ ද මන්දා)
ඉතිං ඕක තමයි නන්නාඳුනන්නීගේ උපත ගැන කතාව. විපත ගැනත් සමහර විට ඈ නැතත් වෙන කෙනෙක් ලියාවි. අපි බලා ඉමු මොකද වෙන්නෙ කියලා....................
Friday, December 23, 2011
බලාපොරොත්තු සහ හීන මාලිගා

Monday, December 19, 2011
නාඳුනන ඇස්...
එක වචනයක් වත් මුවින් පිට කරන්නෙ නැතුව ඇස්වලට කතා කරන්න පුළුවන් කියලා ගොඩක් අය දන්නවනෙ. කොච්චර කලබලකාරී තැනක, දහස් ගණනක් දෙනා අතරෙ වුනත් ඇස් හතරක් හමු වෙලා කතා කරන්න පටන් ගත්තොත්...
නාඳුනන ඒ ඇස් දෙකක් මොන තරම් නම් දේවල් කියනවද? ආයෙත් කවදාවත් හමු නොවෙන බව දැන දැනත් හුදු හිතවත්කමක් ඉක්මවා ගිය ඒත් අමුතුම විදියක බැඳීමක් ගොඩනගා ගන්න ඇස්වලට පුළුවන්. ඒ අතින් බලන කොට ඇස් කොච්චර හිතුවක්කාරද? ඇස් අහන්නෙ හදවත කියන දේ මිසක් බුද්ධිය කියන දේ නෙමෙයි.
නන්නාඳුනන්නි දන්නවා කාගෙ කවුද කියලවත් දන්නෙ නැති ඒ ඇස් ආයෙත් කවදාවත් මුණගැහෙන්නෙ නෑ කියලා. ඒ ඇස් ඈතට ම යන්න ගිහිල්ලා. එකම එක හීනයක් ඉතුරු කරලා. එකම එක බලාපොරොත්තුවක් ඉතුරු කරලා. කවදාහරි දවසක ආයෙත් මුණ ගැහෙන හීනය... කවදහරි දවසක ආයෙත් මුණගැහෙන බලාපොරොත්තුව ඇස් විසින් හදවතේ ඇති කරලා හදවතේ හිස් තැන් වහලා දාලා.
ඒ ඇස් ආයෙත් මුණගැහෙන කල් නන්නාඳුනන්නී බලා ඉන්නවා.

Friday, December 9, 2011
අපි ඇත්තට ම ඉන්නවද?
නන්නාඳුනන්නි අද ලියන්න යන්නෙ කාලයක් තිස්සෙ හිතේ තිබුණු දෙයක්. මෑතක දී නන්නාඳුනන්නි බලපු චිත්‍රපටියක් නිසා කාලයක් තිස්සෙ අමතක වෙලා තිබුණු මේ අමුතු තාලෙ සිතුවිල්ල ආයෙත් එළිපහළියට ආවා.
මේ අපූරු චිත්‍රපටිය Marc Erlbaum විසින් අධ්‍යක්ෂණය කරන ලද Cafe (2011). ඉතාම කෙටියෙන් චිත්‍රපටිය සාරාංශගත කළොත්, එක ම පසුතලයක දිවෙන මේ සිදුවීම් මාලාවට සම්බන්ධ වෙන සියලු ම දෙනා, වෙනත් කෙනෙක් විසින් ව්‍යාජ ලෙස මවන ලද අය. ඒ කියන්නෙ මේ සිදුවීම්වලට සම්බන්ධවන අය, Computer programer කෙනෙක් විසින් නිර්මාණය කරන ලද virtual චරිත. මේ අය සම්බන්ධ කරගෙන සිද්ධ වෙන හැම දෙයක් ම පාලනය කරන්නෙ programer. ඉතිං ඔන්න ඔය විදියට තමයි චිත්‍රපටිය යන්නෙ...
මේ චිත්‍රපටිය බලන කොට නන්නාඳුනන්නිට හිතුණා අපිත් කවුරු හරි නිර්මාණකරුවෙකුගේ හිතේ මැවිච්ච චරිත වෙන්න බැරිද කියලා. ඇත්තට ම අපි කොහොමද දන්නෙ අපි ජීවත් වෙනවා කියලා. අපි කොහොමද දන්නෙ අපි යථාර්ථවත් කියලා. අපි කොහොමද දන්නෙ අපි සැබෑ මිනිස්සු ගැහැණු කියලා. අපි එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අපි කාගෙ හරි හිතේ ඇඳුන චරිත විතරක් නම්... අපි මොකක් හරි පොතක හරි චිත්‍රපටියක හරි එන චරිත නොවෙන්නත් බැරි කමක් නෑ නේද? එහෙමත් නැත්නම් කමකට නැති programmer කෙනෙක් නිකං විනෝදෙට වගේ හදපු චරිත වෙන්නත් පුළුවන් නේද?
නන්නාඳුනන්නි මේ හදන්නෙ මහා මැවුම්කරුවා කියන දේවවාදී සංකල්පය අවධාරණය කරන්න නෙමෙයි. ඒත් අපි වෙනත් කෙනෙක් විසින් නිර්මාණය කරන ලද චරිත කියන එකයි, මහා මැවුම්කරුවා කියන සංකල්පයයි අතර සමානකමක් නැත්තෙමත් නෑ නේද? හරි කෙසේ හෝ වේවා, නන්නාඳුනන්නි හිතන විදියට (නන්නාඳුනන්නි විශ්වාස කරන විදියට) අපි තව කෙනෙකුගේ හිතේ මැවිච්ච චරිත විතරක් නං ( අනේ එය එසේ ම වේවා.) ඇයි අපි ජීවිතේ අපිට ඕනෑ විදියට හැඩ ගස්වා ගන්න හදන්නෙ? අපිට ඒක කරන්න බෑ. අපිට කරන්න පුළුවන් වෙන්නෙ මොනවද කියලා බලා ඉන්න එක විතරයි හොඳයි නැද්ද?

Thursday, December 8, 2011
දැන් නිදහස් ඒත්...............
දැන් නිදහස්. හිතට වද දිදී තිබුණු රිලේෂන්ෂිප් එකකින් නන්නාඳුනන්නි නිදහස්. මෙතැනදි සම්බන්ධතාව කියන බරසාර සිංහල වචනෙ වෙනුවට රිලේෂන්ෂිප් කියන ඉතාම සරල ඉංග්‍රීසි වචනෙ යෙදුවෙ වචනවල මතුපිටින් කියවෙන දේට වඩා යටින් කියවෙන ව්‍යංග්‍යාර්ථයක් තියෙනවා කියලා නන්නාඳුනන්නි විශ්වාස කරන නිසා.
රිලේෂන්ෂිප් කියන ඉංග්‍රීසි වචනෙයි ඒ වචනෙ සමග බැඳුණු සංස්කෘතික වටපිටාවයි වගේ ම නන්නාඳුනන්නිගේ 'මේ කියන' රිලේෂන්ෂිප් එකත් හරිම සරල එකක් විදියටයි නන්නාඳුනන්නි දකින්නෙ. පිට ඉඳන් බලා ඉන්න කෙනෙකුට මේ මොනවා කියනවද කියලා හිතෙන්නත් පුළුවන්. ඒත් ඒ ගැන නන්නාඳුනන්නිට ගානක් නෑ. ඒ එයා රැඩිකල් චරිතයක් නිසා නං නෙමෙයි. සමහර විට නන්නාඳුනන්නි කිසි දෙයක් ගණන් ගන්නෙ නැතුව ඔහේ පාවි පාවි වෙන දේ බලා ඉන්න කෙනෙක් නිසා වෙන්න ඇති.
ඔව්.. ඉතිං.. ඒ රිලේෂන්ෂිප් එක ඉවරයි. නන්නාඳුනන්නි හිතුවෙ මේ වෙහෙසකර රිලේෂන්ෂිප් එකෙන් මිදුණ ම හිතට සැහැල්ලුවක් නිදහසක් දැනෙයි කියලා. ඒත්......... එහෙම නෑ. හිතට සැහැල්ලුවක් නෑ. හිතට තවත් බරක් එකතු වුණා විතරයි. අනික් පාර්ශ්වය ගැන නන්නාඳුනන්නිගෙ හිතේ කිසිම තැකීමක් නැත්නම් ඇයි හිතේ වරදකාරී හැඟීමක් තියෙන්නෙ?

Sunday, December 4, 2011
වැව් ඉවුරේ දිය රළ පෙර සේ ම බිඳෙනවා.........
නන්නාඳුනන්නි අද කියන්න හදන්නෙ නුවර ඉඳලා කොළඹ එනකොට අහම්බෙන් ඇහිච්ච ඒත් කොයි වෙලාවක ඇහුණත් හිතට අමුතු ම විදියෙ හැඟීමක් දෙන සිංදුවක් ගැන. මර්වින් පෙරේරාගෙ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි කියන සිංදුව. නන්නාඳුනන්නිට නං ඒ වගේ අත්දැකීමක් නෑ. ඒ කියන්නෙ විශේෂයෙන් ම නගරයක් ගැන කියන්න ඒ වගේ අත්දැකීමක් නෑ.
ඒත් මේ සිංදුව ඇහෙන කොට නන්නාඳුනන්නිට හිතූණා ජීවිතේට කවදාවත් සජීවීව හමු වෙලා නැති නවීන තාක්ෂණයට පින් සිද්ධ වෙන්න වෙබ් අඩවිවලින් විතරක් හම්බ වෙලා ආදරේ කරලා වෙන් වෙලා යන අයට මේක අදාළ කරන්න බැරිද කියලා. ඒ වගේ අත්දැකීමක් නං නන්නාඳුනන්නිට තියෙනවා. ඇත්තට ම හමු වෙලා නැති වුණත් සම්පූර්ණයෙන් ම විශ්වාස කරලා මුළු හදවතින් ම ආදරේ කරලා වෙන් වෙලා ගිහිල්ලා තියෙනවා. නන්නාඳුනන්නිට තාම හිතා ගන්න බෑ ඒ ආදරේ ඒ තරම් ගැඹුරු වුණේ කොහොමද කියලා. සමාන්‍යයෙන් ඕෆ් ලයින් ලව් එෆෙයාර්ස්වල දි නං වෙන්නෙ කාලයත් එක්ක නන්නාඳුනන්නිට අනික් පාර්ශ්වයෙ වැරදි පේන්න පටන් ගන්න එක. ඉතිං ඊට පස්සෙ නන්නාඳුනන්නිට ඒ අනික් පාර්ශ්වය ගැන හිතන්නවත් කම්මැලි හිතෙනවා. ඒත් අර කළින් කියපු ඔන් ලයින් එෆෙයා එකේ දි නං එහෙම වුණේ නෑ. ඒ කියන්න සමහර විට සජීවීව හම්බ වෙලා නැති නිසා අනික් පාර්ශ්වයේ කිසිම වැරැද්දක් දකින්න නන්නාඳුනන්නිට බැරි වෙන්න ඇති. අරමුණක් නැතුව ගෙවුන ජීවිතේට අරමුණක් ලැබුණා, පිරිමියෙකුගෙන් බලාපොරොත්තුවෙන හැම ගුණාංගයක් ම තියෙන කෙනෙක් ලැබුණා කියලයි නන්නාඳුනන්නිට හිතුණෙ. ඒත් අන්තිමේ හීනෙකින්වත් බලාපොරොත්තු නොවුණු විදියට ඒ හැම දෙයක් ම එක පාරට ම ඉවර වුණා. මේ දේවල් පටන් ගත්තෙත් ඉවර වුණෙත් ඔන් ලයින් ම තමයි. ඒ කියන්නෙ මේ දෙන්නා හම්බ වෙලා තියෙන්නෙයි වෙන් වෙලා තියෙන්නෙයි ඔන් ලයින් ම තමයි. මර්වින් පෙරේරා සිංදුවෙ කියනවා වගේ එකම තැනක හමුවෙලා එතැන දී ම වෙන් වෙලා. දෙන්නා එකට හිටපු කාලෙ ෆේස් බුක් වගේ සමාජ ජාලවල අත්වැල් අල්ලගෙන එහෙ මෙහෙ සැරිසරලා තියෙනවා. සැබෑ ලෝකෙ ආදරවන්තයො වැව් ඉවුරෙ බංකුවක වාඩි වෙලා කතා කර කර ඉන්නවා වගේ ස්කයිප් එකේ අනාගතේ ගැන අතීතය ගැන වර්තමානය ගැන වගේ ම ජීවිතේ ගැනත් බොහෝ දේවල් කතා කරලා තියෙනවා. ඒත් දැන් ඒ දේවල් වෙනස් වෙලා. අත්වැල් අල්ලගෙන ෆේස් බුක් එකේ සැරිසරන්න තියා ෆේස්බුක් ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට්වලින් පවා දෙන්නට දෙන්නා ඩිලීට් වෙලා. ස්කයිප් කන්ටැක්ට්ස්වලින් අයින් කරලා දාලා.
ඒ කොහොම වුණත් වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා වගේ, නුග ගස් පෙළ තව දළු ලනවා වගේ ෆේස් බුක් ස්කයිප් එහෙමම තියෙනවා. අළුත් යාලුවො කන්ටැක්ට්ස් එකතු වෙනවා.
ඉතිං මේ විදියට බලන කොට මේක අපේ කතාව වෙන්නත් බැරිද? මේ සිංදුව අහන අහන වාරයක් ගානෙ එකපාරට ම නැති වෙලා ගිය ඒ ආදරේ ගැන මතකය නන්නාඳුනන්නිට කරදර කරනවා.
අනේ .. නන්නාඳුනන්නිට ආයෙත් ඒ කාලෙට යන්න පුළුවන් නම්... එහෙම නං නන්නාඳුනන්නි කොච්චර ආදරෙයි ද කියලා කියා ගන්න පුළුවන් වේවි. නන්නාඳුනන්නි කොච්චර ආදරෙයි ද කියන්න තව එක දවසක් අනේ තව එක ම එක දවසක් එයාව හම්බ වෙනවා නං......................
Thursday, December 1, 2011
ඔන්න බබෝ ඇතින්නියා
ඔන්න බබෝ ඇතින්නියා
ගලින් ගලට පනින්නියා
තවත් ගලක් අලුත් හෙටක්
ඇතිනි හිතේ මැවෙන්නියා
ඔන්න බබෝ ඇතින්නියා
පය පැකිලී වැටෙන්නියා
දූලි කඳුලු පිහදමාන
ඈ ආයෙත් නැගෙන්නියා
අලුත් හීන පොදි බැඳගෙන
තව ගලකට පනින්නියා
ඇතින්නියාට එක ගලක් උඩ කාලයක් ඉන්නකොට එපාවෙනවා. ඇතින්නියා වෙනසක් දකින්න ආසයි. ඉතිං පනිනවා ගලින් ගලට. මෙහෙම පනින කොට වැටිලා ඇතින්නියට තුවාලත් වෙනවා. ඒත් ඇතින්නියාට ඒකෙ වගක්වත් නෑ...........

ඉතිං අපි වෙන් ව යමු.........
නන්නාඳුනන්නි පටන් ගත්ත ගමන් ම වෙන්වෙලා යන්න හදනවද? නෑ නෑ මේ හිතට ආවට කුරුටු ගාපු දෙයක් විතරයි. නාන්නාඳුනන්නිට හිතෙන විදියට අපි ගොඩනගා ගන්නා බැඳීම් එකක් වත් දිගට පවතින ඒවා නෙවෙයි. සමහර වෙලාවට අපි විසින් ම ඇති කර ගත්ත බැඳීම් ලිහලා දාන්න අපිට ඕනෑ වෙනවා. ඒත් ගොඩක් වෙලාවට ඒකට බලපෑම් කරන්නෙ අපි ජීවත්වෙන සමාජය. සමාජයට බයේ බැඳීම්වලින් මිදිලා ඉගිලිලා යන්න බැරි කී දෙනෙක් ඉන්නවද? තවත් සමහර වෙලාවට අපේ ම හෘද සාක්ෂිය, ඕක කරන්න එපා ඕක වැරදියි අනික් පාර්ශ්වයට මොනවා හිතෙයිද කියලා අපිට වද දෙනවා. අපි අකමැති බැඳීම්වලින් ලිහිලා ඉගිලිලා යන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා නන්නාඳුනන්නිට හිතෙනවා. එහෙම පුළුවන් නම් හිතේ කිසිම දුකක් නැතුව හැම දේකින් ම මිදිලා නිදහසේ යන්න හැකි වේවි.............
ජීවිතේ මාවතේ
තවත් එක මංසලක්
මග හසර දකින්නට
හදවතට නෑ ඉඩක්
හිත බරයි ඇස් හඬයි
යා යුතුයි තව දුරක්
මෙතෙක් කල් ආ ඔබට
දෙන්න නෑ මට දෙයක්
වෙලී පැටලුනු දෑත්
ලිහී විසිරී යතත්
ඉතිං අපි වෙන්ව යමු
හිතේ නැතුව ම දුකක්
ජීවිතේ මාවතේ
තවත් එක මංසලක්
මග හසර දකින්නට
හදවතට නෑ ඉඩක්
හිත බරයි ඇස් හඬයි
යා යුතුයි තව දුරක්
මෙතෙක් කල් ආ ඔබට
දෙන්න නෑ මට දෙයක්
වෙලී පැටලුනු දෑත්
ලිහී විසිරී යතත්
ඉතිං අපි වෙන්ව යමු
හිතේ නැතුව ම දුකක්
Wednesday, November 30, 2011
නන්නාඳුනන්නියකගේ උපත
නන්නාඳුනන්නී නන්නාඳුනන කෙනෙක් වගේ මේ විදියට ජීවිතේ දිග අරින්න පටන් ගන්නෙ ඇයි කියලා ඇයටවත් තේරුම් ගන්න බෑ. නූල කැඩුණු සරුංගලයක් වගේ ඔහේ පාවෙන හිතට මොකක් හරි තැනක නැවතුමක් ඕනෙ කියලා ඇයට හිතුණද දන්නෙ නෑ. ඈ බ්ලොග් ලෝකයට අලුත්. බ්ලොග් එකක් කියන්නෙ මොකක්ද කියලවත් හරියට දන්නෙ නෑ. ඒ නිසාම ඈ ලියන දේවල්වල ලියන විදියෙ අනන්තවත් වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒත් ලිවීම විනෝදාංශයක් විදියට යි හිත ඇතුළෙ හිර වෙලා තියෙන කඳුලු බිංදු වගේම හිනා පොකුරු එළියට දාන්න පුළුවන් විදියක් විදියටයි විතරක් දකින නිසා නන්නාඳුනන්නී නං හිතන්නෙ තමන් ලියන කියන දේවල්වල අඩුපාඩු තිබුණට කමක් නෑ කියලයි.
Powered by Blogger.
වැඩියෙන් ම කියවපු ඒවා
-
මේක කියවන අය අතරින් කී දෙනෙක් දිනපොත් පාවිච්චි කරනවාද කියල නං නන්නාඳුනන්නි දන්නෙ නෑ. ඒත් නන්නාඳුනන්නි නං අවුරුදු 10 විතර කාලෙ ඉඳන් ම දින...
-
නන්නාඳුනන්නි අද ලියන්න යන්නෙ කාලයක් තිස්සෙ හිතේ තිබුණු දෙයක්. මෑතක දී නන්නාඳුනන්නි බලපු චිත්‍රපටියක් නිසා කාලයක් තිස්සෙ අමතක වෙලා තිබුණු මේ ...
-
එක වචනයක් වත් මුවින් පිට කරන්නෙ නැතුව ඇස්වලට කතා කරන්න පුළුවන් කියලා ගොඩක් අය දන්නවනෙ. කොච්චර කලබලකාරී තැනක, දහස් ගණනක් දෙනා අතරෙ වුනත් ඇස්...
-
නන්නාඳුනන්නි අද කියන්න හදන්නෙ නුවර ඉඳලා කොළඹ එනකොට අහම්බෙන් ඇහිච්ච ඒත් කොයි වෙලාවක ඇහුණත් හිතට අමුතු ම විදියෙ හැඟීමක් දෙන සිංදුවක...
-
දැන් නිදහස්. හිතට වද දිදී තිබුණු රිලේෂන්ෂිප් එකකින් නන්නාඳුනන්නි නිදහස්. මෙතැනදි සම්බන්ධතාව කියන බරසාර සිංහල වචනෙ වෙනුවට රිලේෂන්ෂිප් කියන ඉ...
-
ජීවිතේ හැම දෙයක්ම බලාපොරොත්තු. අපි මොනවා හරි දෙයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. එක්කො අපිට ඒක ලැබෙනවා නැත්නම් කවදාවත් ලැබෙන්නෙ නෑ. නන්නාඳුනන්න...
-
ඔන්න බබෝ ඇතින්නියා ගලින් ගලට පනින්නියා තවත් ගලක් අලුත් හෙටක් ඇතිනි හිතේ මැවෙන්නියා ඔන්න බබෝ ඇතින්නියා පය පැකිලී වැටෙන්නියා දූලි කඳුලු ...
-
නන්නාඳුනන්නී නන්නාඳුනන කෙනෙක් වගේ මේ විදියට ජීවිතේ දිග අරින්න පටන් ගන්නෙ ඇයි කියලා ඇයටවත් තේරුම් ගන්න බෑ. නූල කැඩුණු සරුංගලයක් වගේ ඔහේ ප...
-
නන්නාඳුනන්නි පටන් ගත්ත ගමන් ම වෙන්වෙලා යන්න හදනවද? නෑ නෑ මේ හිතට ආවට කුරුටු ගාපු දෙයක් විතරයි. නාන්නාඳුනන්නිට හිතෙන විදියට අපි ගොඩනගා ගන්නා...