නන්නාඳුනන්නි අද කියන්න හදන්නෙ නුවර ඉඳලා කොළඹ එනකොට අහම්බෙන් ඇහිච්ච ඒත් කොයි වෙලාවක ඇහුණත් හිතට අමුතු ම විදියෙ හැඟීමක් දෙන සිංදුවක් ගැන. මර්වින් පෙරේරාගෙ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි කියන සිංදුව. නන්නාඳුනන්නිට නං ඒ වගේ අත්දැකීමක් නෑ. ඒ කියන්නෙ විශේෂයෙන් ම නගරයක් ගැන කියන්න ඒ වගේ අත්දැකීමක් නෑ.
ඒත් මේ සිංදුව ඇහෙන කොට නන්නාඳුනන්නිට හිතූණා ජීවිතේට කවදාවත් සජීවීව හමු වෙලා නැති නවීන තාක්ෂණයට පින් සිද්ධ වෙන්න වෙබ් අඩවිවලින් විතරක් හම්බ වෙලා ආදරේ කරලා වෙන් වෙලා යන අයට මේක අදාළ කරන්න බැරිද කියලා. ඒ වගේ අත්දැකීමක් නං නන්නාඳුනන්නිට තියෙනවා. ඇත්තට ම හමු වෙලා නැති වුණත් සම්පූර්ණයෙන් ම විශ්වාස කරලා මුළු හදවතින් ම ආදරේ කරලා වෙන් වෙලා ගිහිල්ලා තියෙනවා. නන්නාඳුනන්නිට තාම හිතා ගන්න බෑ ඒ ආදරේ ඒ තරම් ගැඹුරු වුණේ කොහොමද කියලා. සමාන්යයෙන් ඕෆ් ලයින් ලව් එෆෙයාර්ස්වල දි නං වෙන්නෙ කාලයත් එක්ක නන්නාඳුනන්නිට අනික් පාර්ශ්වයෙ වැරදි පේන්න පටන් ගන්න එක. ඉතිං ඊට පස්සෙ නන්නාඳුනන්නිට ඒ අනික් පාර්ශ්වය ගැන හිතන්නවත් කම්මැලි හිතෙනවා. ඒත් අර කළින් කියපු ඔන් ලයින් එෆෙයා එකේ දි නං එහෙම වුණේ නෑ. ඒ කියන්න සමහර විට සජීවීව හම්බ වෙලා නැති නිසා අනික් පාර්ශ්වයේ කිසිම වැරැද්දක් දකින්න නන්නාඳුනන්නිට බැරි වෙන්න ඇති. අරමුණක් නැතුව ගෙවුන ජීවිතේට අරමුණක් ලැබුණා, පිරිමියෙකුගෙන් බලාපොරොත්තුවෙන හැම ගුණාංගයක් ම තියෙන කෙනෙක් ලැබුණා කියලයි නන්නාඳුනන්නිට හිතුණෙ. ඒත් අන්තිමේ හීනෙකින්වත් බලාපොරොත්තු නොවුණු විදියට ඒ හැම දෙයක් ම එක පාරට ම ඉවර වුණා. මේ දේවල් පටන් ගත්තෙත් ඉවර වුණෙත් ඔන් ලයින් ම තමයි. ඒ කියන්නෙ මේ දෙන්නා හම්බ වෙලා තියෙන්නෙයි වෙන් වෙලා තියෙන්නෙයි ඔන් ලයින් ම තමයි. මර්වින් පෙරේරා සිංදුවෙ කියනවා වගේ එකම තැනක හමුවෙලා එතැන දී ම වෙන් වෙලා. දෙන්නා එකට හිටපු කාලෙ ෆේස් බුක් වගේ සමාජ ජාලවල අත්වැල් අල්ලගෙන එහෙ මෙහෙ සැරිසරලා තියෙනවා. සැබෑ ලෝකෙ ආදරවන්තයො වැව් ඉවුරෙ බංකුවක වාඩි වෙලා කතා කර කර ඉන්නවා වගේ ස්කයිප් එකේ අනාගතේ ගැන අතීතය ගැන වර්තමානය ගැන වගේ ම ජීවිතේ ගැනත් බොහෝ දේවල් කතා කරලා තියෙනවා. ඒත් දැන් ඒ දේවල් වෙනස් වෙලා. අත්වැල් අල්ලගෙන ෆේස් බුක් එකේ සැරිසරන්න තියා ෆේස්බුක් ෆ්රෙන්ඩ්ස් ලිස්ට්වලින් පවා දෙන්නට දෙන්නා ඩිලීට් වෙලා. ස්කයිප් කන්ටැක්ට්ස්වලින් අයින් කරලා දාලා.
ඒ කොහොම වුණත් වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා වගේ, නුග ගස් පෙළ තව දළු ලනවා වගේ ෆේස් බුක් ස්කයිප් එහෙමම තියෙනවා. අළුත් යාලුවො කන්ටැක්ට්ස් එකතු වෙනවා.
ඉතිං මේ විදියට බලන කොට මේක අපේ කතාව වෙන්නත් බැරිද? මේ සිංදුව අහන අහන වාරයක් ගානෙ එකපාරට ම නැති වෙලා ගිය ඒ ආදරේ ගැන මතකය නන්නාඳුනන්නිට කරදර කරනවා.
අනේ .. නන්නාඳුනන්නිට ආයෙත් ඒ කාලෙට යන්න පුළුවන් නම්... එහෙම නං නන්නාඳුනන්නි කොච්චර ආදරෙයි ද කියලා කියා ගන්න පුළුවන් වේවි. නන්නාඳුනන්නි කොච්චර ආදරෙයි ද කියන්න තව එක දවසක් අනේ තව එක ම එක දවසක් එයාව හම්බ වෙනවා නං......................
6 comments:
මමත් මේ වගේ ම අත්දැකීමක ට මූණ දීලා තියෙනවා. ඒ නිසා මේ ලිපිය මගේ හදවත ට ඉතා සමීප ව දැනුණා.....
ජීවිතේ හැමදේ ම අපිට ඕනේ විදිහ ට සිදු නොවන නිසා, දැන් නම් හිත හදාගෙන ඉන්නවා.....
හිත හදාගන්නවා ඇරෙන්න අපිට වෙන මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ........
මේ වගේම දෙයක් මටත් වෙලා තියනවා...බලාගෙන ගිහාස මම වගේ අය තව ඉන්නවා...
අලුත් අදහසක් ලස්සනයි...
මේ වගේ වෙලාවට තමයි මේ නවීන තාක්ෂණය මොකට තිබුණද කියලා හිතෙන්නෙ
Oyaa pasuthawenawa wage penawa nangi..Ehema wennaona naha. Oya aadare tharama eyata nokiwwe hethuwak uda neda? E kathawath kiyawanna ap aasai. oyata hoda kenek labevai prarthana karami. I'm fond of your style of writing.
sharedmedia@in.com
@ Ano එයාට ආදරේ කිව්වත් නොකිව්වත් මං හිතන්නෙ නෑ ඒකෙන් වැඩි වෙනසක් සිද්ද වෙයි කියලා. අනික් අයගෙ හිත් පාලනය කරන්න අපිට බෑනෙ.
Thank you very much for your encouragement.
Post a Comment