Friday, December 23, 2011

බලාපොරොත්තු සහ හීන මාලිගා


ජීවිතේ හැම දෙයක්ම බලාපොරොත්තු. අපි මොනවා හරි දෙයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. එක්කො අපිට ඒක ලැබෙනවා නැත්නම් කවදාවත් ලැ‍බෙන්නෙ නෑ. නන්නාඳුනන්නිට හිතෙන විදියට බලාපොරොත්තු මත තමයි අපේ ජීවිතවල හැම දෙයක් ම රැඳිලා තියෙන්නෙ. සමහර බලාපොරොත්තු කවදාවත් ඉටු වෙන්නෙ නෑ. ඒවාට අපිට හීන කියලත් කියන්න පුළුවන්. හීන ඉටු නොවී තියෙන තාක් කල් ඒවා බලාපොරොත්තු විදියට තියෙන නිසා නන්නාඳුනන්නිට දැනෙන විදියට ඒවා වඩාත් ලස්සනයි. හිතන්න...හිතේ මොකක් හරි බලාපොරොත්තුවක් තියෙනවා, එතකොට කෙනෙකුට ඒක වටේ හීන වියලා ගොතලා හීන මාලිගාවක් හදන්න පුළුවන්. ජීවිතේ අපි දකින ගොඩක් දේවල්වලට වඩා මේ හීන මාලිගාව ලස්සනයි. ඇතුළට යන්න යන්න සුන්දරයි. ඇතුළට ගිහිල්ලා වට පිට බලන්න බලන්න තව තව දුර යන්න හිතෙනවා. (මේ හීන මාලිගා කඩා වැටුණොත් ඒක වෙන ම දෙයක්. සමහර විට ඒකෙ සුන්බුන්වලට යටවෙලා නැත්තටම නැති වෙලා යන්නත් ඉඩ තියෙනවා. ඒ විදියට කඩා වැටෙන මාලිගා ගැන නන්නාඳුනන්නි කතා කරන්නෙ නෑ.) නන්නාඳුනන්නී වගේ හීන ලෝකෙක ජීවත් වෙන්න අකමැති කෙනෙකුට නං මේ මොන විකාරයක් කියනවද කියලා හිතෙන්න පුළුවන්. ඒත් හීන ලෝකවල ජීවත් වෙන, ජීවත් වෙලා තියෙන කෙනෙකුට නං මේ හීන ලෝකවල සුන්දරත්වය හොඳට තේරුම් ගන්න පුළුවන් වේවි. මොකක් හරි බලාපොරොත්තුවක් හීනයක් විදියට තියෙන තාක් කල් ඒක හරිම සිත් ගන්නා සුළුයි. ඒ නිසා ම නන්නාඳුනන්නිට හිතෙනවා සමහර බලාපොරොත්තු හීන විදියටම තියෙනවා නං හොඳයි කියලා. (මේක මිදි ඇඹූලයි කියපු කතාව වගේ ද මන්දා)

2 comments:

  1. බලාපොරොත්තු...පරෙස්සමෙන් බලාගන්න...

    ReplyDelete